Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩොලර් මිලියන 150 ක සහනාධාර

ඩොලර් මිලියන 150 ක සහනාධාර

editorial - 2020 මැයි මස 05 392 Views 0 Comment
A A A

 


කොවිඞ්-19 වසංගතයේ ආර්ථික බලපෑම වළක්වා ගැනීම සඳහා වන සහන සැලසුමක පළමු පියවර ලෙස 2019 සහ 2020 වසරවල මෙහෙයුම් අරමුදලෙන් ඩොලර් මිලියන 150 ක් එහි සාමාජික සංගම් වෙත නිකුත් කිරීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පියවරගෙන තිබේ.
 
ඒ අනුව අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සාමාජික සංගම් 211 ට ඉදිරි දිනවලදී ඩොලර් 500ණි000 ක් බැගින් මෙන්ම 2019 සහ 2020 වසර සඳහා ලැබීමට නියමිත සෑම ප්‍රතිලාභයක්ම හිමිවනු ඇත.

කොරෝනා වයිරසය පැතිරයෑම නිසා මේ වන විට ලොව පුරා පාපන්දු ක්‍රීඩාව නවතා දමා ඇති අතර ආදායම් අහිමිවීමෙන් කටයුතු පවත්වාගෙන යෑම සඳහා ක්‍රීඩා සමාජ මහත් පරිශ්‍රමයක් දරමින් සිටියි.

“මේ වසංගතය සමස්ත පාපන්දු ප්‍රජාවටම පෙර නොවූ විරූ අභියෝගයන් එල්ල කරලා තියෙනවා. පාපන්දු ක්‍රීඩාවේ ලෝක පාලක මණ්ඩලය වශයෙන්, මෙවැනි අවස්ථාවක අනු සංගම් සහ ක්‍රීඩා සමාජ වෙනුවෙන් පෙනී සීටීමත්, උග්‍ර අවශ්‍යතා වලට මුහුණ දී සිටින ක්‍රීඩා සමාජ සඳහා සහාය දැක්වීමත් අපේ යුතුකමයි.” යැයි ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ මහතා පැවසීය.

“අපගේ සාමාජික සංගම්වලට ක්ෂණික මූල්‍ය ආධාර ලබා දීමෙන් අපි මෙය ආරම්භ කරනවා”
“ඒවායින් බොහොමයක් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දීලයි ඉන්නෙ. මෙය සමස්ත පාපන්දු ප්‍රජාව තුළ ඇතිවන හදිසි අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමට අපි සැලසුම් කරමින් සිටින මූල්‍ය සහන සැලසුමේ පළමු පියවරයි.” යැයිද ඉන්ෆැන්ටිනෝ මහතා සඳහන් කළේය.

2020 සඳහා වන දෙවැනි වාරිකය ජූලි මාසයේදී වහාම නිකුත් කිරීමට නියමිත බවත්, සාමාන්‍ය තත්වයන් යටතේ සාමාජික සංගම්වලට එය ලැබිය හැක්කේ නිශ්චිත නිර්ණායක සපුරාලීමෙන් පසුව පමණක් බවත් ලෝක පාපන්දු සම්මේලනය කියා සිටියි.

සාමාජික සංගම්වල පාපන්දු ක්‍රීඩාවට කොවිඞ්-19 වයිරසය මගින් ඇති කරන ලද මූල්‍යමය බලපෑමට සහනයක් ලෙසින් මෙම ක්ෂණික මූල්‍ය ආධාරය භාවිතා කළ යුතු බවත්, කාර්ය මණ්ඩලය සහ අනෙකුත් තෙවැනි පාර්ශවයන් සඳහා ඒ ඒ සංගම් සතුව ඇති මූල්‍ය හෝ මෙහෙයුම් බැඳීම් සපුරාලීම ඊට අදාල බවත් ලෝක පාපන්දු සම්මේලනය වැඩි දුරටත් අවධාරණය කර සිටියි.
 
-036

 


අදහස් (0)

ඩොලර් මිලියන 150 ක සහනාධාර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.